Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර දරුණු ගැටුම් පැවැති මේ වනවිට සටන් විරාමයක් ක්‍රියාත්මක ගාසා තීරය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඒ අනුව, ට්‍රම්ප් පවසා ඇත්තේ, ගාසා තීරයේ සිටින පලස්තීනු වැසියන් වෙනත් ස්ථානයක නැවත පදිංචි කිරීමෙන් පසු යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය එක්සත් ජනපදය විසින් අත්පත් කරගෙන එය ආර්ථික වශයෙන් සංවර්ධනය කරන බවයි.
මෙම තීරණය ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් දශක ගණනාවක එක්සත් ජනපද ප්‍රතිපත්තිය බිඳදමනු ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙතෙක් ස්ථිර නොවුණු සිය සැලසුම ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයට හෙළිකළේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සමග පැවැත්වූ ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවකදී වීම විශේෂත්වයකි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ දිනවල අමෙරිකාවේ සංචාරයක නිරත වී සිටින අතර, ඩොනල්ඩ් ට්‍ර්ම්ප්ගේ පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ඔහුව හමුවුණ පළමු විදේශීය රාජ්‍ය නායකයා ඔහුය.
කෙසේවෙතත් ට්‍රම්ප්ගේ මෙම යෝජනාව පැමිණෙන්නේ, පලස්තීනුවන් ගාසා තීරයේ සිට අසල්වැසි රටවලට ස්ථිරව පදිංචි කිරීම සඳහා ඔහු සිදුකළ යෝජනාවෙන් පසුවය.
අමෙරිකාව පුපුරා නොගිය බෝම්බ ඉවත් කර, ගාසා තීරය සමතලා කර සහ විනාශ වූ ගොඩනැගිලි ඉවත් කර ප්‍රදේශයේ ජනතාවට අසීමිත රැකියා සහ නිවාස ලබාදෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකරන බව ට්‍රම්ප් පවසයි.
එහෙත් එහි ආපසු පැමිණෙන්නේ, පලස්තීනුවන් නොවන බව ට්‍රම්ප් යෝජනා කරන බව පෙනීයන්නේ යැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
“ඇත්තටම එහි සිට ඒ වෙනුවෙන් සටන් කළ, එහි ජීවත් වූ, එහිම මියගොස් දුක්ඛිත ජීවිතයක් ගතකළ මිනිසුන් විසින්ම එය නැවත ගොඩනඟා වාඩිලා ගැනීමේ ක්‍රියාවලියකට යා යුතු නැත,” ඔහු ප්‍රකාශ කරයි.
ගාසා තීරයේ මිලියන දෙකක වැසියන් මානුෂීය හදවත් ඇතිව ඔවුන් කෙරෙහි උනන්දුවක් දක්වන වෙනත් රටවලට යා යුතු බව ට්‍රම්ප් පවසා තිබේ.
කෙසේවෙතත් අන්තර්ජාති විචාරකයන් බිය පළකරන්නේ, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයන් ගාසා සටන් විරාමය අවදානමකට ඇදදමනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart