February 5, 2025

එළිමහනේ ගැවසෙන විට මුව ආවරණ පළඳින ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දිස්ත්‍රික්ක කිහිපයක වාර්තා වී ඇති ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වියහැකි වාතයේ ගුණාත්මක මට්ටම් හේතුවෙන්, හුස්ම ගැනීමේ අපහසුතා අත්විඳින්නේ නම්, හැකි සෑමවිටම වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස එම අරමුදල ජනතාවට දැනුම් දෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුව, වාතයේ ගුණාත්මකභාවය පහත වැටීමට හේතු වී ඇත්තේ දේශසීමා ඔස්සේ උතුරේ සිට හමා එන දූෂිත සුළං ධාරාවේ බලපෑමයි.

ඉදිරි දිනවලදී රට පුරා වාතයේ ගුණාත්මක මට්ටම් තරමක් සෞඛ්‍ය සම්පන්න සහ සෞඛ්‍යයට අහිතකර ලෙස උච්චාවචනය විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට කුරුණෑගල, මහනුවර, ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 7ක සෞඛ්‍ය සම්පන්න නොවන වායු ගුණාත්මකභාවයක් පවතී.

මේ අතර වවුනියාව, නුවරඑළිය, පුත්තලම, මුලතිව්, පොළොන්නරුව සහ අනුරාධපුරය යන ප්‍රදේශවල මධ්‍යස්ථ මට්ටම් වාර්තා වී තිබේ.

42.31%
17.27%
32.76%