Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ සවුත් වේල්ස්හි ප්‍රවාහන අමාත්‍යවරිය වන ජෝ හේලන් නිව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ, ඇය පෞද්ගලික අවශ්‍යතා සඳහා අමාත්‍යංශයට වෙන්කර ඇති නිල මෝටර් රථයක් භාවිත කිරීම පිළිබඳ හෙළිදරව් වීමෙන් අනතුරුවය.
දිවා භෝජන සංග්‍රහයකට තමා සහ මිතුරන් කිහිපදෙනෙකු එම රථයෙන් රැගෙන යන ලෙස හේලන් ඇගේ රියදුරුගෙන් ඉල්ලා ඇති බව අනාවරණ වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
චෝදනාවට ලක්වූ අමාත්‍යවරිය එම ගමනේදී සිඩ්නි නුවර සිට කේව්ස් බීච් හි නිවාඩු නිකේතනයක් දක්වාත්, පසුව හන්ටර් වැලි වයින් කර්මාන්ත ශාලාවකට ගොස් නැවත පැමිණීම සඳහා රියදුරු පැය 13 ක කාලයක් කිලෝමීටර 446 ක සංචාරයකට සම්බන්ධ කර ගෙන තිබේ.
”මම වැරදි කළා; මිනිසුන් සර්වසම්පූර්ණ නැහැ ”හේලන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ.
“මම නීති කඩකළේ නැහැ. නමුත් මෙහි ඇති එකම පරීක්ෂණය එය නොවන බව මම පිළිගන්නවා. මම මහජනතාව අධෛර්යමත් කර ඇති අතර ඒ ගැන මම ඉතා කණගාටු වනවා. අපි පත්වුණේ පසුගිය පාලනයට වඩා හොඳින් වැඩ කිරීමටයි.” ඇය සඳහන් කරයි.
සති අන්ත ක්‍රීඩා ඉසව් සඳහා සිඩ්නි නගරයට කිලෝමීටර් 100ක් පමණ උතුරින් පිහිටි කේව්ස් බීච් හි සිට නගරයට ඇගේ දරුවන් රැගෙන යෑමට හේලන් රජයේ රියදුරෙකු ද යොදාගෙන ඇති බව වාර්තා විය.
නිව්සවුත් වේල්ස් හි වත්මන් නීති යටතේ අමාත්‍යවරුන්ට සිය මෝටර් රථ සහ රියදුරන් පෞද්ගලික අරමුණු සඳහා භාවිත කළ හැක.
එහෙත් සති අන්තයේ මිතුරන් සමග සිදුකළ සංචාරය සුදුසු නොවන බව හේලන් පිළිගෙන ඇත.
එමෙන්ම 2024 දී අමාත්‍යවරුන්ට ලබා දී තිබූ මෝටර් රථයක් භාවිත කරමින් තම ස්වාමිපුරුෂයා සමඟ හන්ටර් නිම්නය වෙත ගොස් තිබූ බව ද සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් අමාත්‍යවරිය පිළිගෙන තිබේ.
“මගේ වැරදියි. ඒවා දැන් මගේ රජයට හානියක් කරනවා. දේශපාලනය අමාරුයි” යනුවෙන් පවසා ඇය ධූරය අතහැර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart