February 3, 2025

මේ දිනවල දුර්ලභ සිදුවීමක් අහසේ දැකගත හැකිය.

එනම්, බුධ ග්‍රහයා හැර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක එක රේඛාවකින් අහසේ දෘශ්‍යමාන වේ.

කෙසේවෙතත් මේ දිනවල පියවි ඇසින් දැකිය හැක්කේ ඉන් හතරක් පමණක් බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි.

සෙනසුරු, සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසට පෙනෙන බවත්, යුරේනස් සහ නෙප්චූන් දුරේක්ෂයකින් හෝ දුරදක්නයකින් පමණක් දැකිය හැකි බවත් ඔහු ජනමාධ්‍යයට පැවසීය.

සියලුම ග්‍රහලෝක සරල රේඛිය මාර්ගයක පවතින බව නිරීක්ෂණය වන අතර, අවම වශයෙන් මාසයක්වත් රාත්‍රී අහසේ මෙම දර්ශනය දෘශ්‍යමාන වන බව ගිහාන් වීරසේකර පෙන්වාදෙයි.

පෙබරවාරි අවසානය වන විට බුධ ග්‍රහයා ද දෘශ්‍යමාන වනු ඇත.

පෙබරවාරි 25 වන දින, බුධ ග්‍රහයා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක සවස 7 න් පසු තනි රේඛාවකින් පෙළගැසෙනු ඇතැයි ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%