Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශ රටවලට ආධාර සඳහා ඉන්දීය රුපියල් මිලියන 54,830ක් වෙන් කර ඇති අතර, එය පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තුව වූ රුපියල් මිලියන 48,830ට වඩා වැඩි නමුත් පසුගිය වසරේ සංශෝධිත ඇස්තමේන්තුව වූ රුපියල් මිලියන 58,060ට වඩා අඩුය.
මේ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වසරේ ආධාර ලෙස රුපියල් මිලියන 3,000ක් වෙන්කර ඇති අතර, එය පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තුව වූ රුපියල් මිලියන 2,450ට වඩා වැඩි අගයකි.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා වන සමස්ත අයවැය රුපියල් කෝටි 20,516 කි. එය 2024-2025 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව වූ රුපියල් කෝටි 22,154 සහ සංශෝධිත ඇස්තමේන්තුව රුපියල් කෝටි 25,277 ට වඩා අඩුය.
මෙම අදියරේදී, අයවැයෙන් ඉන්දීය ආනයන-අපනයන (EXIM) බැංකුව හරහා කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කර නොමැති නමුත් අවශ්‍යතාවක් මතුවුවහොත් පසුකාලීනව එය සිදුකළ හැකි බව ආරංචි මාර්ග පවසයි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ අයවැය මඟින් ඉන්දියාවේ ‘අසල්වැසි පළමු’ ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමුකර ඇත.
ජල විදුලි බලාගාර, විදුලි සම්ප්‍රේෂණ මාර්ග, නිවාස, මාර්ග, පාලම් සහ ඒකාබද්ධ මුරපොළවල් වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති වැනි මුලපිරීම් සඳහා රටේ ආසන්නතම අසල්වැසියන් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 4,320 ක් වෙන්කර තිබේ. එය මුළු යෝජනා ක්‍රම කළඹෙන් සියයට 64 ක විශාල අගයකි.
ඒ යටතේ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය සහ ලතින් ඇමෙරිකානු රටවල් රැසකට ආධාර වෙන්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart