February 1, 2025

තමා අමාත්‍යංශයට අයත් රේන්ජ් රෝවර් රථයක් භාවිත කරන්නේ, මීට පෙර භාවිත කළ ඩබල් කැබ් රථය අලුත්වැඩියාව සඳහා යොමුකර ඇති බැවින් යැයි වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ පවසයි.

ඉරිදා මව්බිම පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

ජාතික ජන බලවේගයේ පිරිස අල්පේච්ඡ ජීවිතයක් ගතකරන බව පැවැසුවද වසන්ත සමරසිංහ සුපිරි රේන්ජ් රෝවර් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබේ.

“ජාජබ අල්පේච්ඡ ජීවිතයක් ගෙවන්නේ කියලා මුලින් කිව්වනේ. ඇයි ඔබ රේන්ජ් රෝවර් එකක් පදින්නෙ?

( සිනාසෙමින්) ආව ගමන් රේන්ජ් රෝවර් පදිනවා නෙමෙයි. අපේ අමාත්‍යාංශයේ වාහන සංචිතයක් තියෙනවා. ඒ නිල වාහන සංචිතය ඇතුළේ තියෙන වාහන ගත්තොත් වී 8 දෙකයි, බී.එම්.ඩබ්ලිව්. එකයි. ඔය කියන රේන්ජ් රෝවර් එකයි. වාහන හතරයි. ඊට අමතරව මේ අමාත්‍යාංශයේ තියෙන පදින්න පුළුවන් වාහනයක් අපි හොයාගන්න එපැයි. මේ අතරින් පදින්නේ ඩබල් කැබ් එක. ඒ ඩබල් කැබ් එක රෙපෙයාර් කරන්න දැම්මම පදින්න වාහනයක් නෑ. වී 8 එකේ පෙට්රල් ලීටරයකට කිලෝමීටර් හතරයි දුවන්න පුළුවන්. බී.එම්. ඩබ්ලිව්. එකේ කිලෝමීටර් හතරහමාරයි පහයි. ඉතින් අමාත්‍යාංශ ලේකම්වරයා මට කියන්නෙ සර් වෙන වාහනයක් දෙන්න නෑ. මේ තියෙන වාහනේ පාවිච්චි කරන්න කියලා.”

42.31%
17.27%
32.76%