Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන සන්ධානයක් ඉලක්ක කරගත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර මූලික සාකච්ඡා සාධනීය මට්ටමක පවතින නමුත් තව බොහෝ කරුණු සාකච්ඡා කළ යුතුව ඇතැයි දෙපක්ෂයේම මහලේකම්වරු ඊයේ ප්‍රකාශ කළහ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මාධ්‍ය වෙත කියා සිටියේ දෙපාර්ශවය අතර පැවති මූලික සාකච්ඡා සාර්ථක වී ඇති බවයි.
“අපට බොහෝ කරුණු සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ලකුණක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම තවමත් එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබෙනවා. සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන අපි නියම වේලාවට රටට දැනුම් දෙනවා” ඇය පැවසුවාය.
සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද පැවසුවේ මූලික සාකච්ඡා සාර්ථක වූ බවයි.
ඒ අනුව සමගි ජනබලවේගය නැවත සිරිකොතට යන්නේ දැයි ජනමාධ්‍ය කළ විමසීමේදී ඔහු පැවසුවේ එවැන්නක් සිදුවීමට ඉඩක් නොමැති බවයි.
“අපි සිරිකොතට යනවද එක්සත් ජාතික පාක්ෂිකයන් සමගි ජනබලවේගයේ මූලස්ථානයට එනවද කියන එක වැදගත් නැහැ. කොහොම වුණත් අපි ඉදිරි මැතිවරණවලට එක්ව තරග කිරීමට බලාපොරොත්තු වෙනවා.” රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේය.
පක්ෂ දෙකම මැතිවරණයේදී සන්ධානගත වීමට බලාසිටින බවද තලතා අතුකෝරල තහවුරු කළාය.
එමෙන්ම තලතා අතුකෝරල සහ රංජිත් මද්දුම බණ්ඩාර කියාසිටියේ දේශපාලන පක්ෂ දෙකේ නායකයන් ද ළඟදීම සාකච්ඡාවක් පවත්වන බවයි.
මේ අතර සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන දෙපාර්ශවයම දේශපාලන එක්වීමක් සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් කර ඇත.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියාසිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන් සමගි ජනබලවේගය වෙත එකතුකළ යුතු බවයි.
කෙසේවෙතත් හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසා ඇත්තේ, අලියා සහ දුරකථනය හැර වෙනත් පොදු ලකුණක් දෙපක්ෂයම යෝජනා කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart