February 1, 2025

උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය වැඩිම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද උදසන 09.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භ කරන ලදී.

එම දුම්රිය සෑම සති අන්තයකම සෙනසුරාදා හා ඉරිදා දින වල ගමනාගමනයට යොදා ඇති අතර, එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.45 පිටත්ව, පස්වරු 05.22ට දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ලඟාවීමට නියමිතය.

එමෙන්ම එම දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු පස්වරු 06.00 නැවත මහනුවර බලා පිටත්වීමට නියමිතය.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන්කළ ආසන 176 ක් ද, දෙවැනි පන්තියේ වෙන්කළ ආසන 176 ක් ද, තෙවැනි පන්තියේ වෙන්කළ ආසන 44ක් ද ලෙස ආසන 396 ඇත.

පළමු, දෙවැනි සහ තෙවැනි පන්තිවල ගාස්තු පිළිවෙළින් රැ. 7000/=, 6000/= 5000/= ලෙස පවතී.

එම දුම්රිය පේරාදෙණිය, නාවලපිටිය, හැටන්,ග්‍රේට්වෙස්ටර්න්, නානුඔය, පට්ටිපොළ, ඔහිය, ඉදල්ගස්සින්න, හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් සහ ආරැක්කු නවය පාලමේ මිනිත්තු 10 පමණක් නවත්වා ධාවනය කරනු ඇත.

ඊට අමතරව තෝරාගත් නැරඹුම් ස්ථානවල දුම්රිය සෙමින් ධාවනයේ යෙදෙයි.