Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් 11 දෙනකු වරදකරුවන් කරමින් ඌව පළාත් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් එම චූදිතයින්ට මරණ දඬුවම නියම කළේය.
ඌව පරණගම ගලහගම පදිංචි වාද්දුව ෆොන්සේකා බන්දුල ජයවර්ධන තිසේරා නමැති 23 හැවිරිදි වියේ පසුවූ තරුණයකු මුගුරුවලින් පහර දී ඝාතනය කිරීම ඔවුන්ට එල්ල වූ චෝදනාවයි.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 13 දෙනකුට අධිචෝදනා ලබාදී තිබූ අතර, පළමු විත්තිකරු වූ සේනක රංජිත් ප්‍රේමරත්න නමැත්තා නිදොස් කොට නිදහස් කර තිබේ.
හත්වැනි විත්තිකරු වූ ආර්.පී.කේ. පතිරණ නමැත්තා මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගය අතරතුර මියගොස් ඇති අතර, 12 වැනි විත්තිකරු වූ රුක්මන් ඉන්දික විදේශගතව සිටින අතර ඔහු ද වරදකරුවකු වේ.
පළමු විත්තිකරු මියගිය අයගේ වැඩිමහල් සොහොයුරිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ඔහු ඇයව කොළඹට රැගෙන ගිය බවත් පැමිණිල්ලේ සාක්‍ෂිවලදී පොලිසිය අධිකරණයට දන්වා තිබේ.
කෙසේවෙතත් ඔහු විවාහකයකු බව දැනගත් ඇයගේ මව්පියන් තම දියණිය නිවසට ගෙන්වාගෙන ඇත.
අනතුරුව තවත් කිහිපදෙනෙකු සමඟ තරුණියගේ නිවසට කඩාවැදුණු පළමු විත්තිකරු නිවසේ සිටි පිරිසට පොලු මුගුරුවලින් පහර දී ඇති අතර, එහිදී තරුණයා මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම නඩුව වසර 20 කට වැඩි කාලයක් විභාග වෙමින් පැවති අතර නඩු විභාග වාර්තාව පිටු 75 කින් සමන්විතය.
රජයේ අධිනීතිඥ චිරස්ති සෙනෙවිරත්න පැමිණිල්ල මෙහෙයවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart