Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළී අනුපාත පහළ යාමත් සමග බැංකු වෙතින් ණය ලබාගැනීම් ඉහළ ගොස් ඇති බවත්, එම ප්‍රවනතාව අඛණ්ඩව පවතිනු ඇති බවත් ශ්‍රී ලංකා පෙන්වාදෙයි.
පසුගිය 2024 වසරේ අවසන් වරට පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ පොළී අනුපාතික අඩු වූ අතර බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය මට්ටමේ පැවැතිණි.
ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබිඹු කරමින් වෙළෙඳපොළ ණය සහ තැන්පතු පොළී අනුපාතික ද අඛණ්ඩව පහළ ගියේය.
අඩු වෙළෙඳපොළ ණය පොලී අනුපාතික මගින් සහාය ලබමින් සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරමින්, බලපත්‍රලාභී වානිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය වර්ධනය අඛණ්ඩව ඉහළ ගියේය.
ඒ අනුව පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, වැඩිදියුණු වූ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සහ ස්වෛරීත්ව අවදානම් අධිමිල පහළ යෑම පිළිබිඹු කරමින්, රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික අඛණ්ඩව අඩුවිය.
2025 අංක 01 මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart