Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2006 වසරේදී එවකට යුද හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවේදී, ප්‍රහාරයට සම්බන්ධ වූ දුර්ගා ලෙසින් හැඳින්වෙන එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකාරිය නවාතැන් ගෙන සිට ඇත්තේ, සිය නිවස ආසන්නයේ පිහිටි දෙවැනි විත්තිකරු වන ෂන්මුගලිංගම් සූරියකුමාර්ගේ නිවසේ බව නඩුවේ සාක්ෂිකාරියක වන ආර්.පී. ස්වර්ණලතා අබේකෝන් නමැත්තිය විසින් හඳුනාගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායකගේ මඟපෙන්වීම යටතේ ආර්.පී. ස්වර්ණලතා අබේකෝන් අධිකරණය හමුවේ පැහැදිලි කර ඇත්තේ, බෝම්බකාරිය ෂන්මුගලිංගම් සූරියකුමාර්ගේ නිවසේ කලක් රැඳී සිටි බවයි.
අදාළ කාන්තාවගේ නම ඇයට මතකයේ නොමැති වුවද, සූරියකුමාර්ගේ බිරිඳ බෝම්බකාරිය ඥාතියකු ලෙස හඳුන්වාදුන් බවට ස්වර්ණලතා අබේකෝන් සාක්ෂිදී ඇත.
එහිදී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, ප්‍රහාරය පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමත් සමග තමන් බෝම්බකාරියගේ මුහුණ හඳුනාගත් බවයි.
අනතුරුව එම කාන්තාව සම්බන්ධයෙන් සූරියකුමාර් නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කම්පනයට පත්ව සිටින බව නිරීක්ෂණය වූ බව ද සාක්ෂිකාරිය පවසා තිබේ.
ප්‍රහාරයට වසර කිහිපයකට පෙර සූරියකුමාර්, ඔහුගේ බිරිඳ, ඔවුන්ගේ දරුවා සහ බෝම්බකාරිය වැලිවේරිය ප්‍රදේශයේ කුලී නිවසකට පදිංචියට ගොස් ඇති අතර, ඉන් අනතුරුව සාක්ෂිකාරිය වන ස්වර්ණලතා අබේකෝන් එම කාන්තාව නැවත දැක නොමැති බව පවසා තිබේ.
අනතුරුව අදාළ කාන්තාව රූපලාවන්‍ය පුහුණු පාඨමාලාවකට සහභාගි වීම සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් ඇති බව ඇයට ආරංචි වී ඇතැයිද පැවසේ.
2006 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අතරතුර සූරියකුමාර් නමැත්තාගේ පවුලේ සාමාජිකයන් යළිත් ස්වර්ණලතා අබේකෝන්ගේ නිවස ආසන්නයේ පිහිටි ඔහුගේ මව්පියන්ගේ නිවසට පැමිණ ඇති නමුත් බෝම්බකාරිය පැමිණ නොමැති බව අනාවරණ වී තිබේ.
එබැවින් ස්වර්ණලතා අබේකෝන් එම කාන්තාවට ආහාර වේලක් යවා ඇති අතර, පසුව ඇයව අමතා ඊට ස්තුතිකර තිබේ.
සෞඛ්‍ය ගැටලුවලින් පීඩාවිඳිමින් සිටිය දී පවා ස්වර්ණලතා අබේකෝන් සාක්ෂි දීමට අධිකරණයේ පෙනීසිට ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක ඇයගේ සහයෝගයට දෙපාර්තමේන්තුව සහ අධිකරණය වෙනුවෙන් කෘතඥතාව පළකර තිබේ.
එමෙන්ම ස්වර්ණලතා අබේකෝන්ට ආපසු නිවසට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයන ලෙස මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඈත.
මීළඟ නඩු විභාගය පෙබරවාරි 17 වැනිදාට නියම කළ විනිසුරුවරයා එදිනට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.සිරිකුමාරට සිතාසි නිකුත්කර තිබේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart