January 31, 2025

මවට පහ­රදී ඇගේ ගෙළ බැඳි රන් මාලය කොල්ල කෑ පුතුන් දෙදෙ­කු සාලි­ය­වැව පොලී­සියේ නිල­ධා­රීන් පෙරේදා (29) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

වයස අවු­රුදු 25 සහ 21 යන වය­ස්වල පසු­වන එම සැක­ක­රු­වන් දෙදෙනා සාලි­ය­වැව, නීල­බැම්ම ව්‍යාපා­රයේ පදිං­චි­ක­රු­වන්ය.

දරු­වන් දෙදෙ­නාම විවා­හ­ක­යන් බව පොලි­සිය කියයි.

පසු­ගිය 28 වැනිදා සවස සිය වැඩි­ම­හල් පුතාගේ නිවෙ­සට ගොස් ඇති මව, ඇය ඉදි­කළ කඩ­ කා­ම­රයේ යතුර ඉල්ලා ඇති බව පොලී­සිය කියයි.

එහිදී පුතුන් දෙදෙනා යතුර ලබා­දීම ප්‍රති­ක්ෂේප කර­මින් තමාට පහ­රදී රන් මාලය කඩා­ගත් බවට මව පැමි­ණි­ල්ලක් කළ බව පොලිසිය සඳ­හන් කරයි.

ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් පවත්වා රුපි­යල් ලක්ෂ 3ක් පමණ වටිනා එම රන් මාලය ද සොයාගනි­මින් පුතුන් දෙදෙ­නාව අත්අ­ඩං­ගු­වට ගත් බව සාලි­ය­වැව පොලි­සිය වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%