Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පොල් කර්මාන්තය කඩාවැටීමට හෝ පොල් අස්වැන්න අඩුවීම විදේශීය ආක්රමණික කෘමීන් හෝ බැක්ටීරියා බලපෑම නිසා සිදුවන්නට ඇතැයි සැකකරන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ, පොල් අස්වැන්න අඩුවීම විදේශීය ආක්‍රමණශීලී කෘමීන් හෝ බැක්ටීරියා සමඟ සම්බන්ධ බවට පෙන්වාදෙන වාර්තා කිහිපයක් ඇති බවයි.
“පොල් ආනයනය කිරීමෙන් පොල් කර්මාන්තයට අහිතකර කෘමීන් හෝ බැක්ටීරියා ඇතුළුවීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳව සොයාබැලීමට පත්කළ විශේෂ කමිටුව පොල් ආනයනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා,” ඔහු පැවසීය.
එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිඅපනයනය සඳහා පොල් ආනයනය අත්හිටුවීමට කමිටුව තීරණය කර ඇති අතර මේ වනවිට පොල් මද පමණක් ආනයනය කිරීමට අවධානය යොමුකර තිබේ.
ආනයනික වෙළඳපපොළේ නිරෝධායන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වුවද කෘමීන් හෝ බැක්ටීරියාවන් සම්පූර්ණයෙන් තුරන්කිරීමට තාක්ෂණික ක්‍රමවේදයක් නොමැති බවද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පෙන්වාදෙයි.
කෙසේවෙතත්, පොල් අපනයන කර්මාන්තය පවත්වාගෙන යෑමට ගෙඩි මිලියන 200ක් අවශ්‍ය බැවින් පොල් ආනයනය කිරීමට සූදානම් බව රජය පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
මේ සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ කමිටුව පත්කර ඇත.
ඒ අනුව, අදාළ කමිටුවේ නිර්දේශ මත ආනයනය කිරීමට නියමිත පොල් මද ප්‍රමාණය තීරණය කරන බවද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart