January 29, 2025

සම පැහැපත් කරන බව පැවසෙන ආලේපන භාවිතය රට තුළ බහුලව දක්නට ලැබෙන පසුබිමක් තුළ විශේෂඥයන් අනතුරු අඟවන්නේ, බ්ලීචිං අඩංගු ආලේපන වර්ගවල බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි හානිකර අමුද්‍රව්‍ය අඩංගු විය හැකි බවයි.

සම පැහැපත් කරන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර බොහෝ පිරිස් දිදුලන සහ පැහැපත් සමක් අපේක්ෂා කරයි.

මෙම ආලේපන බොහෝ විට ඖෂධ අලෙවිසැල් සහ රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළඳසැල්වලින් මිලදී ගන්නා අතර ඇතැම් ඒවා නිවෙස්වල සාදන නිෂ්පාදන ලෙසද අලෙවි කරනු ලැබේ.

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය හිරොමෙල් ද සිල්වා පෙන්වාදෙන්නේ, මෙරට තුළ ලියාපදිංචි වී නොමැති ආලේපන වර්ග හෝ නිසි ලේබල් සහ රසායනාගාර තොරතුරු නොමැති නිෂ්පාදන භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

මෙම ආලේපනවලින් ඇතැම් ඒවායෙහි නිසි හෙළිදරව් කිරීමකින් තොරව ස්ටෙරොයිඩ් අඩංගු විය හැකි බවත්, සමේ ක්ෂය වීම, වියළි බව, සම සිහින්වීම, රතු පැහැය, කැසීම, පිළිස්සීම සහ ඇලෙනසුළු ස්වභාවයක් වැනි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව ද වෛද්‍ය හිරොමෙල් ද සිල්වා පෙන්වාදෙයි.

මීට අමතරව, මෙම නිෂ්පාදන මගින් හෘද ස්පන්දනයට බලපෑම් එල්ල විය හැකි බවට ද සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

42.31%
17.27%
32.76%