January 29, 2025

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ජෙෆ් ඇලඩීස් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද තහවුරු කර ඇත.

මෙහෙයුම් කළමණාකරු ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වූ ජෙෆ් ඇලඩීස්, ICC හි ක්‍රිකට් සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්වූයේ 2012 වසරේදීය.

ඔහු 2021 නොවැම්බර් මාසයේදී ICC හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වූ අතර, මීට පෙර වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද මාස අටක කාලයක් සේවය කර තිබේ.

ජෙෆ් ඇලඩීස් ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පවසන්නේ, ජෙෆ් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන කාලය තුළ ඔහුගේ නායකත්වය සහ කැපවීම වෙනුවෙන් අවංකවම ස්තූතිය පුදකරන බවයි.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය වශයෙන් ඉදිරියට ගෙනයෑම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ බවත්, එම සේවයට සැබවින්ම ස්තූතිවන්ත වන අතර ඉදිරි වැඩකටයුතු සඳහා ඔහුට සුබපතන බවත් ජේ ෂා පවසා තිබේ.

මේ අතර ජෙෆ් ඇලඩිස් පවසා ඇත්තේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමට ලැබීම තමන් ලද වරප්‍රසාදයක් බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ප්‍රවේශය ඉහළ නැංවීමේ සිට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහා පිහිටුවා ඇති වාණිජ පදනම දක්වා සාමාජිකයන් ලබා ඇති ප්‍රතිඵල ගැන ආඩම්බර වන බව ද ඔහු පවසා තිබේ.

42.31%
17.27%
32.76%