Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සතුව පෞද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කරන ලද ගිනි අවි සැළකිය යුතු සංඛ්‍යාවක් තිබූ බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා තහවුරු කර තිබේ.
යෝෂිත රාජපක්ෂ සතුව ගිනි අවි 07 සිට 08 දක්වා සංඛ්‍යාවක් තිබේදැයි ජනමාධ්‍යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා එය තහවුරු කරමින් කියාසිටියේ, එම අවි නිලධාරීන් විසින් භාරයට ගෙන ඇති බවයි.
මේ වන විට යෝෂිත රාජපක්ෂ සතුව ගිනි අවි දෙකක් පමණක් ඇති බවත්, හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයාට එම අවි ආපසු ලබාදෙන ලෙස දැනුම් දී ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
පෞද්ගලික ආරක්ෂාව සඳහා වූ ගිනි අවි සම්බන්ධයෙන් සිදුකරන ලද සමාලෝචනය පිළිබඳ විස්තර ලබාදෙමින්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පැවැසුවේ රජය ගිනි අවි සමාලෝචනය ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව, බලපත්‍රලාභී අවි 1697 ක් පුද්ගලයන් 1550 දෙනකුට නිකුත් කර ඇති අතර, ගිනි අවි 1368 ක් පමණක් රජයට ආපසු ලබා දී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ගිනි අවි 182ක් බලධාරීන්ට ආපසු ලබා දී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart