Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කසළ සංයුක්ත යන්ත්‍ර 28ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවට යෙන් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට එකඟ වී තිබේ.
එම යන්ත්‍ර ලබාගැනීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත.
පහතින් දැක්වෙන්නේ එම යෝජනාවයි.
‘ශ්‍රී ලංකාව පිරිසිදු, තිරසර සහ පාරිසරික වගකීම් සහිත මොඩලයක් බවට පරිවර්තනය කිරීම Clean Sri Lanka වැඩසටහන යටතේ අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා අවශ්‍ය දියුණු කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම ඉහත දැක්ම ළඟාකර ගැනීම සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300ක ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟතාව පළ කර ඇති අතර, එම අරමුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණ ධාරිතාව වැඩි කිරීම සඳහා Garbage Compactors 28ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස යොදා ගැනීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එකී ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සඳහා 14ක්, නැගෙනහිර පළාත සඳහා 8ක් සහ උතුරු පළාත සඳහා 6ක් වශයෙන් Garbage Compactors බෙදාහැරීමට යෝජිතය. ඒ අනුව, ජපාන ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart