January 28, 2025

2024 වසරේ දී ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට (NCPA) පැමිණිලි 8,746ක් ලැබී තිබේ.

ඉන් 580ක් ලිංගික අපයෝජන සිදුවීම් බව වාර්තා වේ.

පැමිණිලිවලින් 321ක් විශේෂයෙන් ළමුන්ට සිදු වූ බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධ ඒවාය.

වැඩිම පැමිණිලි සංඛ්‍යාව එනම් 2,746ක්, ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙනි.

පැමිණිලි 1,950ක් ළමා කෲරත්වයට අදාළ පැමිණිලි වන අතර පැමිණිලි 229ක් ළමා ශ්‍රමය සූරාකෑමට සම්බන්ධ ඒවාය.

ළමා විවාහ සම්බන්ධ පැමිණිලි 42ක් සහ වාණිජ අරමුණු සඳහා ලිංගික සූරාකෑමට අදාළ පැමිණිලි 25 ක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත.

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමේ තර්ජන සම්බන්ධ පැමිණිලි 151ක් ද කැපී පෙනෙන පැමිණිලි අතර වේ.

ඊට අමතරව, සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 18ක්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් පැමිණිලි 120ක් සහ බාල වයස්කාර ගැබ් ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 53ක් ඉදිරිපත් වී තිබේ.

උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධ පැමිණිලි 39ක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත.

අපයෝජනයට ලක්වූවන් සඳහා නීතිමය සහාය ලබා දීමේ උත්සාහයක් ලෙස, නොමිලේ නීති සේවා ලබා දීම සඳහා සුදුසුකම් ලත් නීතිඥයන්ගේ සංචිතයක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට නිරතව සිටී.

ළමා අපයෝජනයට ලක්වූවන් වෙනුවෙන් උසාවිවල පෙනී සිටීමට කැමති පළපුරුදු නීතිඥයන්ගෙන් අධිකාරිය අයදුම්පත් කැඳවා ඇත.

42.31%
17.27%
32.76%