Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයනික බහාලුම් මුදා හැරීමේදී ඇති වන තදබදය තවමත් ලිහිල් වන බවක් දක්නට නොලැබෙන බැවින් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙරෙහි එය බලපෑමක් ඇති කරයිද යන්න පිළිබඳ අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) ආරංචි මාර්ග අනුව ආනයනික බහාලුම් විශාල සංඛ්‍යාවක් වරායේ සිරවී ඇත.
ශ්‍රී ලංකා රේගුව, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති සාකච්ඡාවකදී ආනයනික බහාලුම් ගොඩගැසී ඇති ප්‍රමාණයක් ඉවත් කිරීම සඳහා පැය 24 පුරා වැඩ කිරීමට මීට පෙර එකඟ වී තිබිණි.
හරිත නාලිකාකරණය සඳහා සලකුණු කර ඇති ආනයනික බහාලුම් භෞතිකව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා රේගුව ගත් පියවර හේතුවෙන් තදබදය ඇති වූ බව වාර්තා වේ.
“මුලින් තදබදය ඇතිවීමට මෙය එක් හේතුවක් වුණා. සමහර බහාලුම් තුළ තිබී නීති විරෝධී ද්‍රව්‍ය හමු වූ නිසා ශ්‍රී ලංකා රේගුව එහෙම පරික්ෂා කරන්න පටන් ගත්තා. උදාහරණයක් ලෙස, අමතර කොටස් ලෙස ප්‍රකාශයට පත් කරන ලද බහාලුමක් තුළ වාහනයක් තිබිලා හමුවෙලා තිබුණා,” යනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරියකු ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ බහාලුම් නිදහස් කිරීම සඳහා වන දෛනික ඉලක්කය තවමත් සපුරා නොමැති අතර එහි ප්‍රතිඵලයක් ලෙස තදබදය උග්‍ර වී ඇති බවයි.
අමාත්‍යාංශයට අනුව, තදබදය අවම කිරීම සඳහා දිනකට අවම වශයෙන් බහාලුම් 1,500-2,000ක් නිදහස් කළ යුතු වුවත් හසුරුවන සංඛ්‍යාව ඉලක්කයට වඩා බෙහෙවින් අඩුය.
රේගු සේවකයන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් මගින් විශාල අර්බුදයක් ඇතිවිය හැකි වනු ඇතැයි බියෙන් රජයට ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
අර්බුදයට මුහුණ දීම සඳහා රේගු සේවකයන්ගේ සහයෝගයක් නොමැති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
වත්මන් අර්බුදය විසඳීමේ පියවරක් ලෙස, විමර්ශනය කිරීමට නියමිත බහාලුම් ගබඩා කිරීම සඳහා වරායේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර 5ක ඉඩමක් දැන් වෙන් කර ඇත.
ආහාර ආනයනයට ඇති විය හැකි බලපෑම පිළිබඳ අදහස්දක්වමින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබුණේ නරක්වන ආහාර ද්‍රව්‍ය කිසිදු කරදරයකින් තොරව මුදා හරින නමුත් වියළි ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කිරීමේ දී දිනක හෝ දෙකක ප්‍රමාදයක් ඇති බවයි.
මේ නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.
“මේ මොහොතේ විශාල අර්බුදයක් නැහැ. තත්ත්වය නරක අතට හැරුනහොත් එය තොග සහ සිල්ලර මිල ගණන්වලට බලපාන්නත් පුළුවන් ”යැයි ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart