January 24, 2025

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර ති⁣බේ.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගන්නා ලද ඉඩමකට අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් කඩිනම් කරදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

අල්ලස් කොමිසම මගින් ⁣හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.

42.31%
17.27%
32.76%