Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (23) නියම කළේය.
විත්තිකාර වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම නියෝගය නිකුත් කර ඇත.
තීරුබදු බලපත්‍රවලට විදේශ වලින් වාහන ගෙන්වා දෙන බව පවසා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.
මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය පෙනීනොසිටි අතර, තමන්ට අසනීප තත්ත්වයක් පවතින බව දන්වමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහෙත් එම වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ විත්තිකරු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට නියෝග කර ඇත.
එම වෛද්‍ය මණ්ඩලයේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ විත්තිකරු අධිකරණයේ පෙනීසිටිය නොහැකි මට්ටමේ රෝගයකින් නොපෙළෙන බවයි.
ඒ අනුව විත්තිකරු අසත්‍ය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඉන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart