Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලහත්කාරයෙන් හෝ ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට පටහැනිව වසාදමා ඇති අලි කොරිඩෝ(ජනාවාස ප්‍රදේශ හරහා) යළි විවෘත කිරීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබේ.
දැනට 8,000ක් පමණ වන අලි ගහණය වැඩිවීමක් පෙන්නුම් කර ඇති අතර, ඔවුන්ගේ සංචරණ රටා සහ ආරක්ෂාව සඳහා මෙම මාර්ගවල ඇති වැදගත්කම ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇත.
අලි ප්රශ්නය සඳහා පුළුල් විසඳුම් සෙවීමේදී ජනාධිපතිවරයා විසින් කෙටිකාලීන විසඳුම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
විදුලි වැට ක්‍රියාත්මක කිරීම, වනජීවී දෙපාර්තමේන්තුවට අතිරේක නිලධාරීන් බඳවා ගැනීම, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව අතර ඒකාබද්ධ ඒකකයක් පිහිටුවීම එම යෝජනා අතර වේ.
වනජීවී දෙපාර්තමේන්තු පනතට (සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට) අනුව දෙපාර්තමේන්තුවේ මූලික වගකීම වන්නේ මිනිසුන්ගේ ආරක්ෂාව නොව සතුන් සංරක්ෂණය කිරීම බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, පොලිස් නිලධාරීන් හෝ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු වනජීවී නිලධාරියෙකු නොමැතිව වනජීවීන් වෙත ළඟා වීමට වෙනත් නිලධාරීන්ට අවසර නැත.
අයවැයෙන් තවත් වනජීවී නිලධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
රිළවුන් සහ දඬු ලේනුන් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇත.
එම ගැටළුවට පිළියම් සඳහා බොහෝ යෝජනා සහ අත්හදා බැලීම් සලකා බලමින් පවතින අතර, අවසාන විද්‍යාත්මක විසඳුම තවමත් තීරණය කර නොමැත.
වන්ද්යකරණයේ සිට වෙනත් ක්‍රම දක්වා වූ අදහස් ඇතුළත් විද්‍යාත්මක විසඳුමක් සෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කමිටුවක් පත්කර ඇත.
කෙසේවෙතත් වන්ද්යකරණයන් සිදුකළද, වත්මන් රිළා ගහනය තවත් වසර 20 ක් ජීවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අසමතුලිත සංවර්ධනය සහ තිරසාර භාවිතයන් නොමැතිකම හේතුවෙන් මෙම චක්‍රය බිඳ වැටී ඇත.
ඓතිහාසික වශයෙන් අලි ඇතුන් කඳුකරයෙන් හමු වූ නමුත් ඉංග්‍රීසි ජාතිකයන් මධ්‍යම කඳුකරය තේ වතු සඳහා එළිපෙහෙළි කිරීමෙන් පසු ඔවුන් මින්නේරිය තැනිතලා ප්‍රදේශයට සංක්‍රමණය වූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මෙම ගැටළු වසර සිය ගණනක අසංවිධානාත්මක සංවර්ධන සැලසුම් නිසා පරිසර පද්ධතියේ ඇති වූ අසාමාන්‍යතාවයකි.
ප්රතිසංරක්ෂණය දිගුකාලීන සැලැස්මක් වන නමුත් කෙටිකාලීන සැලසුම් මගින් ශාක හා වන සතුන් සංරක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart