Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 250,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ බටහිර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රදේශවාසියකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ගල්කිස්ස, ගාලු පාරේ ටෙම්ප්ලර්ස් පාර හන්දිය අසල රාජ්‍ය ඖෂධ සංස්ථාව ඉදිරිපිටදී ඊයේ පස්වරු 1.55ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ..
පැමිණිල්ලට අනුව, පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයක සේවක වැටුප් සම්බන්ධයෙන් නීතිමය රෙගුලාසිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරීමෙන් වැළකී සිටීම සඳහා කම්කරු නිලධාරියා අල්ලස් ඉල්ලා ඇති බව කියනු ලැබේ.
සේවක අර්ථසාධක අරමුදල සඳහා වන දායක මුදල් වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ඉහළ නිලධාරීන්ට දැනුම් නොදීම සම්බන්ධයෙන් ද නිලධාරියාට චෝදනා එල්ල වී තිබේ.
මීට අමතරව, එම ආයතනයේ පෙර වැරදි සම්බන්ධයෙන් සිය භාරයට ගත් වැදගත් විමර්ශන ලේඛන මෙම නිලධාරියා විසින් රඳවාගෙන සිට ඇති බවට ද චෝදනා එල්ල වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart