January 23, 2025

මාව­නැල්ල හිඟුලේ ව්‍යාපා­රි­ක­ය­කුට අයත් රුපි­යල් ලක්ෂ 22කට අධික වටි­නා­ක­මක් ඇති කුකු­ළන් තිදෙ­නෙක් සොරා­ගත් බව කියන මාළු වෙළෙ­න්දෙක් සහ පෙද­රේ­රු­වෙක් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මාව­නැල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය පෙරේදා (21) නියෝග කර ඇත.

මාව­නැල්ල පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී එසේ ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ.

මෙසේ සොරා­ගෙන ඇත්තේ රුපි­යල් විසි­ලක්ෂ අසූ­ද­හ­සක් වටිනා පැන්සි හෙන්ස් වර්ගයේ කුකු­ළන් තිදෙ­නෙකි. මෙම සැක­ක­රු­වන් විසින් එම සතුන් සොරා­ගෙන ඇත්තේ පසු­ගිය 19 වැනිදා රාත්‍රි කාල­යේ­දීය.

විදේ­ශ­ග­තව සිට මෙර­ටට පැමිණ උසස් තත්ත්වයේ කුකු­ළන් බෝකර අලෙවි කිරීමේ ව්‍යාපා­ර­යක නිර­තව සිටින ව්‍යාපා­රි­ක­යකු සතු කුකු­ළන් තිදෙ­නෙක් මෙසේ සොරා­ගෙන ඇති බව පොලි­සිය සඳ­හන් කළේය.

සොරා­ගත් කුකු­ළන් ද සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන සොයා ගැනී­මට පොලි­සිය සමත්ව ඇත.

යාප­නය ප්‍රදේ­ශ­යෙන් මෙම කුකු­ළන් තමා රැගෙන ආ බවත් මාස 11ක් වය­සැති ලක්ෂ 14ක් වටිනා කළු පැහැති කුකු­ළකු ද වයස අවු­රු­ද්දක් වන රුපි­යල් ලක්ෂ 8ක් වටිනා රතු කුකු­ළකු ද මාස හතක් වය­සැති රුපි­යල් 80,000ක් වටිනා සිල්වර් පැහැති කුකුළු පැට­වකු ද ඒ අතර සිටි බවත් ව්‍යාපා­රි­කයා මෙම සොර­කම ගැන පොලි­සි­යට පැමි­ණිලි කර­මින් පවසා තිබුණි.

ඉකුත් 19 වැනිදා රාත්‍රී 9.30ට පමණ කුකු­ළන්ට ආහාර දමා, කූඩු­වට ඉබි යතුරු දමා මිතු­ර­කුගේ නිවෙ­ස­කට ගොස් 20දා අලු­යම 1.30ට නිව­සට පැමිණ ඇත.

එසේ පැමි­ණෙන විට කුකුළු කූඩුව පැත්තෙන් ඇසුණු කුකු­ළන්ගේ කෑගැ­සීම හේතු­වෙන් ව්‍යාපා­රි­කයා නිවෙස පිටු­පස විදුලි බල්බය දල්වා ඒ ගැන සෝදිසි කර ඇති බව පොලී­සිය කියයි.

එහිදී යම්කිසි පුද්ග­ල­යකු කුකුළු කොටුව දෙසින් දිවයන අයුරු ඔහු දැක තිබේ.

ඔහු ඒ බව අස­ල්වැසි මිතු­රන්ට දන්වා පරීක්ෂා කිරී­මේදී රතු පැහැති ත්‍රිරෝ­ද­ රථයක් වෙළෙ­ඳ­ස­ලක් අසල නවතා තිබී කෑගල්ල දෙසට වේග­යෙන් ධාව­නය කර ඇත.

ව්‍යාපා­රි­කයා ත්‍රිරෝද රථයේ අංකය සට­හන් කර­ගෙන එය මාව­නැල්ල පොලි­සි­යට ලබාදී තිබේ.

කුකු­ළන් සොරා­ගත් සැක­ක­රු­වන් එම අංකය ඔස්සේ අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සි­යට හැකිවී ඇත.

සැක­ක­රු­වන් දෙදෙනා කෑගල්ල සහ ගලි­ග­මුව කුඹු­ක්කො­ටුවේ පදිං­චි­ක­රු­වන් බවත් පොලි­සිය සඳ­හන් කළේය.

ඔවුන් අවු­රුදු 26 හා 25 යන වය­ස්වල පසු­ව­න්නන්ය.

මෙම ව්‍යාපා­රි­කයා කුකු­ළන් බෝකර සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරන බවත් ඉහළ වටි­නා­කම් ඇති මෙම කුකු­ළන් අතර කුකුල් කෙට­වීම් සඳහා යොදා­ගන්නා කුකු­ළන්ද සිටින බව පොලි­සිය කියයි.

මුහුණු පොතෙන් මෙම කුකු­ළන් ගැන තොර­තුරු දැන­ගෙන සොර­කම සිදුකර ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.(දිනමිණ)

42.31%
17.27%
32.76%