Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැකපිට අත්අඩංගුවට ගත් තරුණ කැබ් රථ රියැදුරකු අධිකරණයට ඉදිරිපත් නොකර අනීතික ලෙස දින 7ක් දෙමටගොඩ පොලිසියේ රඳවා තබාගෙන නිරුවත් කොට අමානුෂික ලෙස පහරදී ඔහුගේ දෑත්වල අස්ථි බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට ලබන අප්‍රේල් මස 1 වැනි දින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත ඊයේ (21දා) නියෝග කළාය.
එම පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි කාලා විජේන්ද්‍රන් නමැත්තකුට එසේ නොතීසි නිකුත් කිරීමට නියම විය.
එසේ අමානුෂික ලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බොරළුවහේන, බටේපොළ, වරල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දොන් සේසිරි විජේසේකර නමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.
කුලී ගමනක් යෑමට අවශ්‍ය බව පවසමින් ඉකුත් 2 දින රාත්‍රියේ පහර කෑමට ලක්වූ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබී ඇති බවත්, ඒ අනුව ඔහු දෙමටගොඩ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සිවුදෙනකු ගිනි අවි පෙන්වා බියගන්වා ඔහුව දෙමටගොඩ පොලිසිය වෙත ගෙන ගොස් ඇති බවද පහරකෑමට ලක්වූ පුද්ගලයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට දැන්වූහ.
එසේ පැහැරගෙන යෑමෙන් අනතුරුව අනීතික ලෙස දින 7ක් ඔහුව පොලිසිය තුළ රඳවා තබාගෙන කාන්තාවක් සම්බන්ධයෙන් විමසමින්, එලෙස අමානුෂික ලෙස පහර දී ඇති බවද නීතිඥවරු අධිකරණය දැක්වූ කරුණුවලින් හෙළිවිය.
පහරකෑමට ලක්වූ පුද්ගලයා වාහනයකින් ඇදවැටුණු පුද්ගලයෙක් බව පවසමින් අධිකරණය නොමඟ යවා පොලිසිය ඉකුත් 9 වැනි දින ඔහුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදාහැර ඇති බවද නීතිඥවරු අධිකරණයට දැන්වූහ.
ඔහුව කුමන චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත්තේද යන්න පිළිබඳව නොදන්වා එසේ අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී ඇති බවද නීතිඥවරු අධිකරණය හමුවේ පැවැසූහ.
අමානුෂික ලෙස පහරදීමෙන් අනතුරුව පොලිසිය ඉකුත් 9 වැනි දින ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බවත්, පසුව ඔහුගේ පවුලේ අයවලුන් එදිනම ඔහුව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉකුත් 18 වැනි දින දක්වා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බවද නීතිඥවරු අධිකරණයට පෙන්වාදුන්හ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ව දැනුවත් කළේද නැද්ද යන්න පිළිබඳව මහෙස්ත්‍රාත්වරිය විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු ලබාදුන් නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ, ඔහුට පහරදුන් බවට ඉහළ පොලිස් නිලධාරීන්ට දැන්වුවහොත් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ගොනුකරන බවට පොලිසිය ඔහුට තර්ජනය කර ඇති බවය.
දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයෙන් හමුවී ඇති බිලිඳු මළසිරුරක් සම්බන්ධයෙන් හා කාන්තාවක් සම්බන්ධයෙන් විමසමින් ඔහුට එසේ අමානුෂික ලෙස පහර දී ඇති බවත්, ඒ පිළිබඳව පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පවුලේ අයවලුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හා ලංකා මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර ඇති බවද නීතිඥවරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවැසූහ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart