January 22, 2025

පොලිස් නිලධාරියකුට සමාන නිල ඇඳුමකින් සැරසුන පුද්ගලයකු සහ තවත් පුද්ගලයකු කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙලෙස වෑන් රථයකින් බලහත්කාරයෙන් අදාළ කාන්තාව රැගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

කාන්තාව පැහැරගෙන යෑම සිදුකරන පුද්ගලයා අසළ සිටින පොලිස් නිලධාරියකු ලෙස දර්ශනය වන පුද්ගලයා මේ වන විට වැල්ලවත්ත පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් කොට්ඨාසයක මින් පෙර සේවය කර සේවය හැරගොස් සිටින වැඩ තහනමට ලක්වී සිටින පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

පැහැරගැනීම 2025.01.18 වන දින වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකාගාරයක් ඉදිරිපිට සිදුකර ඇති අතර මුදල් රු.31500ක පමණ ප්‍රමාණයක් සහ දේපල කොල්ලකෑමෙන් පසු කාන්තාව වැලිකඩ පොලිස් වසමේ ස්ථානයක හැරගොස් ඇත.

වෑන් රථය කුලී පදනම මත ලබාගත් වෑන් රථයකි.

සිද්ධිය සම්බන්ධව හා පැහැරගැනීම සඳහා සම්බන්ධ වූ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

42.31%
17.27%
32.76%