Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෙනරත් පරණවිතාන පර්යේෂණ හා අධ්‍යයන කෞතුකාගාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) අවසන් වාර්තාව අධිකරණයට යොමු කරන තෙක් එම කෞතුකාගාරය වසා තැබෙන බව එහි උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි.
උපකුලපතිවරයා පැවසුවේ, ප්‍රදර්ශන භාණ්ඩ ලේඛනගත කිරීමේ ක්‍රියාවලියෙන් පසු මෙම කෞතුකාගාරය නැවත විවෘත කරන තෙක් කාර්ය මණ්ඩලයේ සහ මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.
කෞතුකාගාරයෙන් ඇත් දළවලින් නිමැවූ පුරාවස්තු හතරක් අතුරුදහන්වී ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්යවරයකු විසින් කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බව උපකුලපතිවරයා පවසයි.
එම විමර්ශනය අවසන් කර ඇති අතර වාර්තාව අධිකරණයට ගොනු කිරීමට නියමිතව තිබේ.
විශ්වවිද්‍යාලය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා තෙක් කෞතුකාගාරය වසා තබනු ඇති බව උපකුලපතිවරයා පවසයි.
දැනට සිදු කෙරෙන ලේඛනගත කිරීමේ ක්‍රියාවලිය සහ අධිකරණ ක්‍රියාවලිය අවසන් කර කෞතුක වස්තුවල ආරක්ෂාව සහතික කළ පසු,කෞතුකාගාරය විශ්වවිද්‍යාල සිසුන්ට සහ මහජනතාවට නැවත විවෘත කරනු ලබන බව ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart