January 18, 2025

අද දිනයේත් රියැදුරන් නොමැතිකමින් දුම්‍ රිය ගණනාවක් අවලංගු කර ඇත.

දුම්‍ රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රියැදුරු විභාගයක් හේතුවෙන් රියැදුරන් නිවාඩු වාර්තා කිරීම නිසා මෙම තත්වය නිර්මාණය වී ඇති බවයි.

ඒ අනුව දුම්රිය රියදුරු විභාගය හේතුවෙන් අද දහවල් 12 වන විට දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු වී ඇති අතර අද සවස් වන විට එම සංඛ්‍යාව තවත් වැඩි වනු ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රියැදුරන් නොමැතිවීම නිසා ඊයේ දිනයේද දුම් රිය ගමන් වාර රැසක් අවලංගු කෙරිණි.

42.31%
17.27%
32.76%