Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමඟ සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.
දැනට අතරමඟ නතර කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කළ ක්‍රිෂ් රියල් ටෙක් සමාගම සහ එහි ප්‍රවර්ධකයා වන අමිත් කල් ඇතුළු කිහිපදෙනකු සම්බන්ධයෙන් ඉන්දියාවේ නීති බලාත්මක කිරීමේ ආයතනය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම ආයතනයේ නවදිල්ලි නුවර ගුරුග්‍රාම් කලාපීය කාර්යාලය විසින් මෙම විමර්ශනය සිදුකර ඇති අතර ඔවුන් විසින් මෙලෙස අයථා ලෙස ඉපැයූ ධනයෙන් මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් කෝටි 224.08ක් වටිනා නිශ්චල දේපළ අතර කොළඹ අක්කර හතරක ඉඩමක් සහ අඩක් නිමවී ඇති සුපිරි හෝටලයක් පවතින බවද අනාවරණය කරගෙන ඇත.
මෙම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අමිත් කට්යාල් ඔහුගේ සමීපතයන් සහ ක්‍රිෂ් රියල්ටෙක් පෞද්ගලික සමාගම ආයෝජකයන් ගණනාවකට වංචා සහගත ලෙස මුදල් ලබා ගනිමින් රුපියල් කෝටි ගණනක මුදලක් විවිධ රටවලට සම්ප්‍රේෂණය කර ඇති බවයි.
සමාගම බොහෝ පුද්ගලයන් රැවටීමට ලක්කරමින් වැරැදි තොරතුරු ඉදිරිපත් කරමින් මෙම වංචාව සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
මේ පිළිබඳව තවදුරටත් හෙළි වී ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලියේ ගුආගොන් ප්‍රදේශයේ මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයන්ගේ මුදල් ලබාගත්තද වසර 13ක් යන තෙක් එම නිවාස ලබාදීමට අමිත් කට්යාල් කටයුතු කර නැති බවට ලද පැමිණිලි විමර්ශනය කිරීමේදීය.
ඔවුන් විසින් මෙම නිවාස ආයෝජකයන්ගෙන් කෝටි 503ක මුදලක් එකතු කර ඇති බව පැවැසෙන අතර එම මුදල්ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වයාර් පෞද්ගලික සමාගම (කලින් ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ක්වෙයාර් සමාගමේ) ගිණුමකට බැර කර ඇති බව අනාවරණය වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිර්ම ඉන්දීය නීති බලාත්මක කිරීමේ අධිකාරිය පියවර ගෙන තිබේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart