Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සහ කැළඹිලි සහිත කාලයකින් පසු දේශපාලන තත්ත්වය අලුත් කිරීමක් සනිටුහන් කළ බව යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ජනාධිපතිවරණය පිළිබඳ සිය අවසන් වාර්තාවේ සඳහන් කර තිබේ.
මැතිවරණ නීති රාමුව හොඳින් සංවර්ධනය වී ඇති බවත් මැතිවරණ කොමිසමේ සහ සිවිල් සමාජයේ සහයෝගීතාව මැතිවරණයට ධනාත්මක දායකත්වයක් ලබා දුන් බවත් ඔවුන් සඳහන් කර ඇත.
යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ අදාළ වාර්තාව මාස දෙකක් පුරා සමස්ත රට තුළ කළ නිරීක්ෂණ මත පදනම් වූ බවයි.
ප්රජාතන්ත්රවාදී මැතිවරණ සඳහා අන්තර්ජාතික කැපවීම්වලට අනුකූලව ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ යහපත් කිරීම අරමුණු කරගනිමින් ඔවුන් නිර්දේශ 16ක් ද ඉදිරිපත් කර තිබේ.
එම මැතිවරණයේ දුටු ධනාත්මක කරුණු කිහිපයක් ද නිරීක්ෂකයන් විසින් සඳහන් කර ඇත.
මැතිවරණ ප්රචාරක මූල්‍යකරණයේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සහ ඡන්දදායක ලැයිස්තුවලට තරුණයන් වැඩි වශයෙන් ඇතුළත් කිරීම මෙම කරුණුවලට ඇතුළත්ය.
සමස්තයක් වශයෙන්, මැතිවරණ නීති රාමුව හොඳින් සංවර්ධනය වී ඇති බවත්, මැතිවරණ කොමිසම සහ සිවිල් සමාජයේ සහයෝගීතාව මැතිවරණයට ධනාත්මක දායකත්වයක් ලබා දුන් බවත් නිරීක්ෂක කණ්ඩායම නිගමනය කර තිබේ
දේශපාලනයේ කාන්තා සහභාගීත්වය අර්ථවත් ලෙස ඉදිරියට ගෙන යෑම සහ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව නීති බලාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම යුරෝපා සංගම් නිරීක්ෂකයන් සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart