Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වතු කම්කරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා ගත නොහැකි තේ වතු කිහිපයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් පවසයි.
ඔහු පවසන්නේ වතු කම්කරුවන් මුහුණ දෙන පොදු ගැටලු විසඳීම වෙනුවට, ප්‍රාදේශීය දේශපාලන පක්ෂ සිදුකරන්නේ ඔවුන්ගේ දේශපාලන ආධාරකරුවන් අතර ආධාර බෙදා හැරීම බවයි.
“විදේශ රටවල් කිහිපයක් සහ බහුපාර්ශ්වික සංවිධාන වතු සඳහා ආධාර ලබා දෙන බව කවුරුත් දන්නවා. උදාහරණයක් විදිහට නිවාස සම්බන්ධයෙන් ගත්තම, වඩාත්ම අවශ්‍යතා ඇති අය තෝරා ගැනීම වෙනුවට, ඔවුන් තෝරාගෙන තිබෙන්නේ තමන්ගේ හෙංචයියන්,” යනුවෙන් ඔහු පැවසීය.
එපමණක් නොව, ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල නායකයන් රජයට අයත් වතුවල බංගලා කිහිපයක් අත්පත් කරගෙන ඇති බව ද ඔහු පවසයි.
“අපි ඒවායින් සමහරක් දැනටමත් යළි ලබාගෙන තියෙනවා, අනිත් ඒවත් ඉක්මනින් ලබාගන්න කටයුතු කරනවා,”යැයි ඔහු පැවසීය.
වතු කම්කරුවන් සඳහා වන නිවාස කෙබඳු විය යුතුද යන්න ජාතික ජන බලවේගය සාකච්ඡා කරමින් සිටින බව ද සෙල්වරාජ් මන්ත්‍රීවරයා පැවසීය.
“අපි තවමත් තීරණයකට පැමිණ නැහැ. කොහොම වුණත්, අපට සිරස් අතට නිවාස ගොඩ නගන්න පුළුවන් වුණොත් අනාගත පරම්පරාවට ඉඩ ඉතිරි කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපිට වතු කම්කරුවන්ගේ පෙර ජීවන රටාවේම රැඳිලා ඉන්න අවශ්‍ය නැහැ,” යැයි ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart