January 18, 2025

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා තීන්දු කළේ, TikTok යෙදුම සඳහා තහනමක් මෙම සති අන්තයේ ක්‍රියාත්මක විය හැකි බවයි.

එම තහනම ක්‍රියාත්මක කෙරෙන්නේ ජනප්‍රිය යෙදුමේ TikTok හිමිකරුවන්ගෙන් ලැබුණු අභියාචනය ප්‍රතික්ෂේප කරමිනි.

අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අත්සන් නොකළ මතයක් ලබාදුන් අතර එය රජය විසින් ගත් යෙදුම තහනම් කිරීමේ තීරණය තහවුරු කිරීමක් ලෙස සැලකේ.

චීනය සමඟ ඇති සබඳතා නිසා TikTok යෙදුම ‘බරපතල’ ජාතික ආරක්ෂක තර්ජනයක් එල්ල කරන බවට බයිඩන් පරිපාලනය අනතුරු ඇඟවීම්

.මෙම තීරණයත් සමග ඉරිදා(හෙට) සිට තහනම ආරම්භ කිරීමට ඉඩ සලසයි.

කෙසේවෙතත්, එක්සත් ජනපද රජය ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවක් අවහිර කිරීම සඳහා පූර්වාදර්ශයක් නොමැති බැවින් තහනම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න රාශියක් මතුව තිබේ.

රජය එය හරියටම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත.

පසුගිය වසරේ, Tiktok යෙදුම එක්සත් ජනපද ගැනුම්කරුවෙකුට විකිණීමට චීන සමාගමට නියෝග කරන ලදී.

නැතහොත් ජනවාරි 19 වන විට එය තහනම් කරනු ලබන බව දැනුම් දුන්නද එම විකිණීම තවමත් සිදුවී නොමැත.

42.31%
17.27%
32.76%