January 17, 2025

අසල්වැසියකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලදී.

ජනවාරි 10 වන දින අසල්වැසියකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

රුපියල් 10,000 ක මුදල් ඇපයක් සහ පුද්ගල ඇප දෙකක් මත උදයංග වීරතුංග මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

42.31%
17.27%
32.76%