January 17, 2025

2024 වසරේ පළමු මාස ​​නවය තුළ මෙරටින් හඳුනාගැණුනු HIV ආසාදිත පිරිමින් අතරින් 74 දෙනෙකු අවුරුදු 15-24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බව නිල දත්ත පෙන්නුම් කරයි.

එම දත්තවලට අනුව මෙම වයස් කාණ්ඩයෙන් HIV ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ කාන්තාවන් පස්දෙනකු පමණි.

2024 දී මෙතෙක් වාර්තා වී ඇති HIV ආසාදිත පිරිමි සහ ගැහැණු අතර අනුපාතය 8:1 වන අතර, එයින් පෙන්නුම් කරන්නේ HIV වෛරසයට ගොදුරු වූවන්ගෙන් බහුතරය පිරිමින් බවයි.

2024 දී HIV ආසාදිත බවට තහවුරු වූ පිරිමි සහ ගැහැණු අතර අනුපාතය 8:1 වන අතර, එයින් පෙන්නුම් කරන්නේ පීඩාවට පත්වූවන්ගෙන් බහුතරය පිරිමින් බවයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව තුළ HIV/AIDS රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි.

2024 වසරේ පළමු මාස ​​නවය තුළ නව ආසාදිතයින් 600 කට අධික සංඛ්‍යාවක් සහ මරණ 35 ක් වාර්තා වී ඇත.

2024 වසරේ අවසන් කාර්තුව සඳහා අදාළ දත්ත නිකුත්වීමට නියමිතය.

2023 සහ 2024 වසර දෙක සංසන්දනය කිරීමේදී, 2023 වසරේ පළමු මාස ​​නවය තුළ මෙරටින් HIV ආසාදිතයන් 485 දෙනකු හඳුනාගෙන තිබේ.

එයින් අදහස් වන්නේ 2024 වසරේදී මෙරටින් සොයා ගැණුනු HIV ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ 27% ක වැඩිවීමක් ඇති බවයි.

2024 මුල් භාගයේදී වාර්තා වූ ආසාදිතයන් අතරින් පිරිමි 23 ක් සහ කාන්තාවන් පස්දෙනෙකු පමණක් වයස අවුරුදු 15-24 අතර පසුවන්නන් වන අතර අනෙක් ආසාදිතයන් වයස අවුරුදු 25 ට වඩා වැඩි පුද්ගලයන් බව පැවැසේ.

42.31%
17.27%
32.76%