Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් හිරු නාලිකාව සහ දුමින්ද සිල්වා යන අය පිළිබඳව සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් විකාශය කිරීම වළක්වාලමින් නිව්ස් සෙන්ටර්(News center) ජනමාධ්‍ය ආයතනයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබේ.
ඒෂියා බ්රෝඩ්රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවෙට්) ලිමිටඩ් (හිරු) ආයතනය විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත යටතේ කරන ලද ඉල්ලීමක් සළකා බලමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ දුමින්ද සිල්වා යන අය පිළිබඳව රූපවාහිනී නාලිකාවක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් newscenterහි විකාශනය කිරීම මෙම පෙත්සමට හේතු වී තිබේ.
මෙම පෙත්සම මඟින් නිව්ස් සෙන්ටර් ආයතනයේ අධ්යක්ෂ මංජුල බස්නායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කර ඇත.
අදාළ ප්‍රකාශය විකාශය කිරීම මෙන්ම මෙන්ම මින් ඉදිරියට හිරු මාධ්‍ය නාලිකාව සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වාලන නියෝගයක් ද නිකුත් කර තිබේ.
මහේස්ත්‍රාත්ගේ නියෝගයේ සඳහන් වන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 (2) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරන බවයි.
මෙම කොන්දේසි සහිත ආඥාව ජනවාරි 23 වන දින දක්වා බල පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නම් සති දෙකක කාලසීමාවක් තුළදී අධිකරණය ඉදිරියේ පෙනීසිට කළ යුතු බවත් එම නියෝගයේ සඳහන් වේ.
මීට පෙර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව නියෝග ලබාගෙන ඇතත්, ජනමාධ්‍ය ආයතනයක් තවත් ජනමාධ්‍ය ආයතනයකට එරෙහිව මෙම පනත යටතේ අධිකරණයට ගිය පළමු අවස්ථාව මෙය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart