Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය සුපිරි නළු සයිෆ් අලි ඛාන් මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේදී පිහි ඇනුමකට ලක්ව තිබේ.
අද (16) අලුයම 2.30ට පමණ ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයකු මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
එම පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට හය වතාවක් පිහියෙන් ඇන ඇත.
තුවාල ලැබූ සයිෆ් දැනට මුම්බායි හි ලීලාවතී රෝහලේ සැත්කමකට භාජනය වෙමින් සිටී.
රෝහල් කාර්ය මණ්ඩලය තහවුරු කළේ ඔහු මේ වන විට අනතුරුදායක තත්ත්වයෙන් මිදී ඇති බවය.
ලීලාවතී රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය නිරාජ් උත්තමනි අද උදෑසන පැවසුවේ සයිෆ් ස්නායු ශල්‍යකර්මයකට භාජනය කළ බවයි.
ඔහුට ප්ලාස්ටික් සැත්කමක් තවමත් සිදුකරමින් පවතී.
අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයාට එරෙහිව බන්ද්‍රා පොලිස් ස්ථානයේ අපරාධ නඩුවක් ගොනු කර ඇත.
සයිෆ් අලි ඛාන් නිදා සිටියදී මෙම පුද්ගලයා අනවසරයෙන් නිවසට ඇතුළු වීමට උත්සාහ දරා තිබේ.
එහිදී නළුවා සහ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අතර ගැටුමක් ඇති වී ඇති බව පොලිසිය තහවුරු කරයි.
පසුව, අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට හය වතාවක් පිහියෙන් ඇන එම ස්ථානයෙන් පළා ගොස් තිබේ.
ඔහුට සිදු වූ පිහි ඇනුම් තුවාල හයෙන් දෙකක් ගැඹුරු බවත්, කොඳු ඇට පෙළට ආසන්න බවත් ලිලාවතී රෝහලේ ප්‍රකාශයේ සඳහන් වේ.
සයිෆ් අලි ඛාන්ගේ නිවසේ සේවය කරන සේවකයන් තිදෙනෙකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කරමින් සිටී.
ඒ සම්බන්ධ තවත් පරීක්ෂණයක වගකීම මුම්බායි අපරාධ අංශයට පවරා ඇත.
සැකකරු සෙවීම සඳහා අපරාධ අංශය කණ්ඩායම් 7ක් යොදවා ඇත.
තොරතුරු ලබා ගැනීම සඳහා එක් කණ්ඩායමක් සීසීටීවී දර්ශන පරික්ෂා කරමින් සිටී.
තවත් කණ්ඩායම් තුනක් මුම්බායි හි විවිධ ප්‍රදේශවලට පිටත්ව ගොස් ඇත.
සැකකරු සොයා තවත් කණ්ඩායමක් මුම්බායි නගරයෙන් පිටත්ව යනු ඇත.
සයිෆ් අලි ඛාන්ගේ පාර්ශ්වය විසින් ද මේ වනවිට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ “සයිෆ් අලි ඛාන්ගේ නිවසේ සොරකම් කිරීමට තැත් කිරීමක් සිදුවිය. ඔහු දැනට ශල්‍යකර්මයකට භාජනය වෙමින් රෝහලේ සිටී. මේ අවස්ථාවේ ඉවසිලිවන්ත වන ලෙස මාධ්‍ය සහ රසිකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. එය පොලිස් රාජකාරියකි . තත්ත්වය පිළිබඳ අපි ඔබව යාවත්කාලීන කරන්නෙමු.”යනුවෙනි.
කරීනා කපූර්ගේ පාර්ශ්වයෙන් ද ඒ හා සමාන ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ පවුලේ අනෙක් අය හොඳින් සිටින බවයි.
එම ප්‍රකාශයේ සඳහන් වී තිබුණේ , “ඊයේ රාත්‍රියේ සයිෆ් අලි ඛාන්ගේ සහ කරීනා කපූර් ඛාන්ගේ නිවසේ සොරකමක් කිරීමට තැත් කිරීමක් සිදුවිය. සයිෆ්ගේ අතට සිදුවූ තුවාලයක් මත ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පවුලේ අනෙක් අය හොඳින් සිටිති. මාධ්‍ය සහ රසිකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉවසිලිවන්තව සිටින ලෙසත්, අනුමාන කිරීම් නොකරන ලෙසත්, පොලිසිය දැනටමත් නිසි පරීක්ෂණ සිදු කරමින් සිටින බවත්ය. ඔබ සැම සැළකිලිමත් වීම ගැන ස්තූතියි.” යනුවෙනි.
ලීලාවතී රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය නිරාජ් උත්තමනි පැවසුවේ, සයිෆ් අලි ඛාන් අලුයම 3.30ට පමණ රෝහලට ගෙන එන ලද බවයි.
ස්නායු ශල්‍ය වෛද්‍ය නිතින් ඩැන්ජ්, රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍ය ලීනා ජේන් සහ නිර්වින්දන වෛද්‍ය නිෂා ගාන්ධි ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් සයිෆ් අලි ඛාන්ට සැත්කම සිදු කර තිබේ.
සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන් සහ ඔවුන්ගේ පුතුන් අලුත් අවුරුදු නිවාඩු සඳහා ස්විට්සර්ලන්තයේ සිටි අතර මුම්බායි වෙත ආපසු පැමිණ තිබුණේ පසුගිය සතියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart