January 15, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකාව චීනය සමඟ ගිවිසුම් 15 කට අත්සන් තැබූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.

ජනාධිපති ජින් පිංගේ ආරාධනයකට අනුව ජනාධිපති දිසානායක දින හතරක නිල සංචාරයක් සඳහා චීනයේ සිටී.

අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පෙර ජනාධිපතිවරුන් දෙදෙනාම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

“සාකච්ඡා අතරතුර, දෙරට අතර ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික සබඳතා පිළිබඳ වැදගත් මාතෘකා පිළිබඳව සාකච්ඡා පැවැත්වුණා” අමාත්‍ය හේරත් පටිගත කරන ලද වීඩියෝවකින් පැවැසීය.

“ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු, දෙරට අතර අවබෝධතා ගිවිසුම් 15 ක් අත්සන් කරඋ ලැබුවා. මෙම සියලු අවබෝධතා ගිවිසුම් 15 අපගේ ආර්ථිකයට, අධ්‍යාපනයට, මාධ්‍යයට සහ සංස්කෘතියට වැදගත් වෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවට අනාගතයේදී බොහෝ ප්‍රතිලාභ ලබාගත හැකියි”

“චීන ජනාධිපතිවරයා චීන රජයේ අඛණ්ඩ සහයෝගය අපට සහතික කරනු ලැබුවා”

ජනාධිපති දිසානායකගේ චීන සංචාරය සිදුවන්නේ ඔහු ඉන්දියාවේ කළ පළමු නිල විදේශ සංචාරයෙන් මාසයකට පසුවය.

ඉන්දියාවේදී ඔහු ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ, පසුගිය රජයන් යටතේ දිල්ලි රජය සමඟ ආරම්භ කර ඇති ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ය.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වීමත් සමඟ තම මැතිවරණ පොරොන්දු ඉටු කිරීමේදී සහ යථාර්ථය සමඟ පොරබදමින් සිටින ජනාධිපති අනුර දිසානායකගේ නව පාලනයට චීනය සහාය ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.

2009 දී වසර 26 ක යුද්ධයක් අවසන් වීමෙන් පසු, චීනය අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩුවල ශක්තිමත් සගයෙකු බවට පත්ව ඇත.

කෙසේවෙතත්, ඉන්දියානු සාගරයේ කලාපීය ආරක්ෂාව පිළිබඳ ඉන්දියානු රජයේ වැඩිවන කනස්සල්ල මධ්‍යයේ, මෙම පියවර ඉන්දියාව කෝපයට පත්කර ඇති බව විශ්ලේෂකයෝ පවසති.

42.31%
17.27%
32.76%