January 14, 2025

ස්ථාන කිහිපයක පැවති සමුපකාර සමිති මැතිවරණවලදී ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය පසුබෑමකට ලක්වීම ප්‍රශ්න මතු කර තිබේ.

සමගි ජන බලවේගය සහාය දක්වන කණ්ඩායම කැලණිය සමුපකාර සමිතියේ ජය ලබමින් පරිපාලනය සඳහා සාමාජිකයන් 99 දෙනෙකු තේරී පත් වූ අතර, ජාතික ජන බලවේගයේ සහාය දක්වන කණ්ඩායමට පත්කර ගත හැකි වූයේ සාමාජිකයන් 32ක් පමණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස සමිතියේ ප්‍රතිඵලය ද එසේම විය.

එහිදී සමගි ජන බලවේගය සහාය දක්වන ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේ සාමාජිකයන් 143 දෙනෙකු තෝරාපත්කර ගනිමිනි.

එහිදී ජාතික ජන බලවේගයේ සහාය ලබන කණ්ඩායමට ලැබුණේ සාමාජිකයන් 128ක් පමණි.

කෙසේවෙතත්, මහර සමුපකාර සමිතිය ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත් විය.

එහිදී සාමාජිකයින් 100 දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයන් 89 දෙනෙකු පාලක පක්ෂයේ සහාය දක්වන කණ්ඩායමකින් තේරී පත්විය.

 

 

42.31%
17.27%
32.76%