January 13, 2025

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බව අමාත්‍යවරයා පවසයි.

දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බවයි.

ඇතැම් විමර්ශන සෘජුවම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%