January 12, 2025

හිටපු ජනාධිපතිවරයකුගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වසර තුනක් පුරා මහජන අරමුදල් රුපියල් මිලියන 472 කට වඩා වැයකර ඇති බව අනාවරණය වේ.

මේ වන විට ජනමාධ්‍ය වෙත ලැබී ඇති ලේඛනවලින් හෙළිවන්නේ 2021, 2022 සහ 2023 දී මෙම මුදල් වියදම් කර ඇති බවයි.

එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් 2021 දී රුපියල් මිලියන 252 කට වඩා වැයකර ඇත.

විශාල ආර්ථික අර්බුදයකින් සහ මහජන වීදි විරෝධතාවලින් රට කැළඹී තිබියදීත්, 2022 දී ප්‍රතිසංස්කරණ කටයුතු දිගටම සිදුකර ඇත.

මෙම ප්‍රතිසංස්කරණ සඳහා 2022 දී රුපියල් මිලියන 181 කට වඩා වැය කර තිබේ.

2023 දී ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 39 කට ආසන්න මුදලක් වැයකර ඇත.

42.31%
17.27%
32.76%