Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරිනියන්ට ලිංගික අතවර සිදුවන බවට ලද පැමිණිලි අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනෙකු සේවයෙන් පහකිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුව කථානායකවරයා එම තීරණය ගෙන ඇතැයි පැවැසේ.
අදාළ නිලධාරිනියන්ට ලිංගික අතවර සිදුව ඇතැයි පැවසෙන්නේ, 2023 වසරේ අගෝස්තු මාසයේදී වන අතර, ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වීමෙන් පසුව, ඒ පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර විසින් අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබිණි.
පරීක්ෂණ මණ්ඩලය විසින් භාරදුන් මූලික විමර්ශන වාර්තාව අනුව, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතුව අදාළ කමිටුව පත්කෙරුණු අතර එහි වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තු මහලේකම්වරියට භාර දී තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු ඇතැම් කාන්තාවන්ට සිදුව ඇතයි පැවැසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ උපදෙස් පරිදි මේ දිනවල පරීක්ෂණයක් සිදුකෙරෙමින් ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරිනියන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart