Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාවට අයවිය යුතු මුදල් නොගෙවා සිදුකළ දූෂණ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සහාව පවසයි.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර වෙත ලිපියක් යොමුකරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සහාවේ ලේකම් කේ. පී. ලැනරෝල් පවසා ඇත්තේ, පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වෙතින් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.
එම වාර්තාවේ කරුණු සහ පැමිණිල්ලේ සඳහන් කරුණු සැලකිල්ලට ගත් කොමිෂන් සභාව පැමිණිල්ලට අදාළ කරුණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සහාවේ ලේකම් කේ. පී. ලැනරෝල්, අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
කොළඹ මහ නගර සභාවට අයත් වාහන නැවතුම් පොළවල් සඳහා 2023 වර්ෂයේදී සමාගම් 26 ක් ගෙවිය යුතු හිග මුදල් වශයෙන් රුපියල් ලක්ෂ 204,164,119.84 ක මුදලක් පවතින බවත්, එම හිග මුදල් ගෙවීමට ඇති සමාගම් සඳහා නැවත 2024 වර්ෂය සඳහා වාහන නැවතුම් පොළවල් බදු දී ඇති බවත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සහාව 2024.06. 25 දිනැති ලිපියකින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සහාව වෙත පැමිණිලි කර තිබේ.
අනතුරුව 2024 අප්‍රේල් මස අවසාන වනවිට එම සමාගම්වල සම්පූර්ණ හිග බදු මුදල් වශයෙන් රුපියල් ලක්ෂ 264,859,471ක මුදලක් කොළඹ මහ නගර සභාවට ගෙවීම් කර ඇති බවත්, මෙම ගෙවීම් විනිවිදභාවයකින් තොරව සිදුවී ඇති බවත්, රජය අයවිය යුතු මෙම විශාල මුදල් ප්‍රමාණය හැකි ඉක්මනින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත්, ඊට වගකිව යුතු ආයතන සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අදාළ ලිපියෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart