January 11, 2025

ශ්‍රී ලංකා රේගුව අහඹු ලෙස සිදුකරන බහාලුම් පරීක්ෂණ දැඩි කර තිබේ.

දිනකට බහාලුම් 2,000ක් පමණ නිෂ්කාශනය සඳහා රේගුව වෙත පැමිණෙන අතර ඉන් බහාලුම් 600ක් පමණ දැඩි පරීක්ෂාවන්ට ලක් කිරීමට රේගුව පියවර ගෙන ඇත.

එම පරීක්ෂණවලදී බහාලුම්වලින් 60%ක් සැළකිව යුතු ලෙස රේගු නීති උල්ලංඝනයන් සිදුකර ඇති බව හෙළිවී ඇතැයි රේගුව පවසයි.

බහාලුම් අංගනවල පවතින සීමිත ඉඩකඩ අමතර අභියෝගයක් බව රේගු නිලධාරීන් පෙන්වා දී ඇති බව ද වාර්තා වේ.

පරීක්ෂණවලින් පසුව බහාලුම් රේගු අංගනවලින් කඩිනමින් මුදා හැරීමට උත්සාහ කරන බව ද රේගුව පවසයි.

කෙසේවෙතත්, මෙම පරීක්ෂා කිරීම් හේතුවෙන් බහාලුම් 1,000ක් පමණ දැනට රේගු අංගනවල ගොඩගැසී ඇති අතර එමඟින් හිමිකරුවන්ට සහ ආනයනකරුවන්ට දැඩි පීඩාවක් ඇති වන බවට බහාලුම් හිමියන්ගේ සංගමය කණස්සල්ල පළ කරයි.

ඔවුන් පවතින ගැටලුවට කඩිනම් විසඳුම් ඉල්ලා ඇති අතර පරීක්ෂා කිරීම්වලින් පසු බහාලුම් මුදාහැරීම කඩිනම් කිරීමට කැපවී සිටින බවට රේගුව ඔවුන්ට සහතික වී තිබේ.

ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියකු ද සඳහන් කර ඇත්තේ දිනපතා පැමිණෙන බහාලුම් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි.

42.31%
17.27%
32.76%