Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් යාත්‍රාවකින් මෙරට නැගෙනහිර වෙරළ තීරයට ළඟාවීම සහ තවත් එවැනි සරණාගතයින් ලක්ෂයක් ගෙන ඒම සඳහා සැලසුම් කර ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව, මෙම මිනිස් ජාවාරම පිටුපස කිසියම් ශ්‍රී ලාංකිකයකු සිටින්නේදැයි සොයාබැලීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව රජය පවසයි.
ඒ සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත සිදු කළ විමසීමකදී මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ, මෙම පුද්ගල ජාවාරමට ශ්‍රී ලාංකිකයකුද සම්බන්ධ බවට විශ්වාස කරන බව සහ එය සොයාගැනීම සඳහා මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකාව සරණාගත පැමිණීම සඳහා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් කලාපයේ වෙනත් ස්ථානවල පිහිටි රෝහින්ග්‍යා කඳවුරුවල ප්‍රචාරණය සිදුකරන බව බුද්ධි වාර්තා පෙන්වා දී ඇතැයි ඔහු පවසයි.
මියන්මාරයේ සිට පැමිණි සරණාගතයන් වන රෝහින්ග්‍යාවරුන් අලුත් අවුරුද්දේ පළමු දින පහ තුළ කලාපයේ ආරක්ෂාව පතා ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉකුත් දා රොහින්ග්‍යාවරුන් 113 දෙනකු ශ්‍රී ලංකාවට ලඟාවූ අතර ඊට සති තුනකට පෙර ඔවුන් පැමිණි යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇතැයි අනාවරණ විය.
මැලේසියාව සහ ඉන්දුනීසියාව ඇතුළුව කලාපයේ රටවල් කිහිපයකටම ඉකුත් දිනවලදී එවැනි සරණාගතයන් (පිරිමින්, කාන්තාවන් සහ ළමුන්) 460 දෙනකු බෝට්ටු මගින් සති කිහිපයකට පසු පැමිණ ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂ Hai Kyung Jun පවසා ඇත්තේ ජීවිත බේරාගැනීම පළමු ප්‍රමුඛතාවය විය යුතු බවයි.
එමෙන්ම සටන් හා හිංසා පීඩා හමුවේ පළාගිය සහ ආහාර හා ජලය ස්වල්පයක් නොමැතිව මුහුදේ දින රැසක් දිවි ගලවාගත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් පිළිගැනීමට කලාපයේ රජයන් ගෙන ඇති පියවර අගය කරන බව ද ඔහු පවසා තිබේ.
එවැනි රජයන්ට සහ ඔවුන්ට උපකාර කිරීමේ දේශීය ප්‍රයත්නයන්ට සහාය දීමට සූදානම් බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart