Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු ගනේමුල්ල බොල්ලත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පොලිසිය පවසන පරිදි වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් ව්‍යාජ අංක තහඩු සවි කරන ලද වාහනයක් ධාවනය කරමින් සිටි පුද්ගලයකු 2023.07.13 වන දින කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ගමන් ගත් වාහනය හා පදිංචිව සිටි නිවස පරික්ෂා කිරීමේදී නිවසේ තිබී හමුවූ වාහන 404කට අදාළ විවිධ ලේඛන සමග සැකකරු කඩවත පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක තහඩු සහිත නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථයක් 2024.12.26 වැනි දින මීරිගම හල්පෙ ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගෙන ඇත.
එම ජිප් රථය කොටස් වශයෙන් මෙරටට ආනයනය කර එකලස් කරන ලද්දක් බවට අනාවරණය වී ඇති අතර එම රථයට අත්දැක්ටරයක ලියාපදිංචි අංක යොදා කූට ලේඛන මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ඉහත මෝටර් රථයට ලියාපදිංචි ලේඛන යක් සකස් කිරීමට සැකකරු කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart