January 10, 2025

පුත්තලම දිස්ත්‍රික්කයේ පාලවිය සිමෙන්ති කර්මාන්ත ශාලාවට හුණුගල් ප්‍රවාහනය කරන භාණ්ඩ දුම්රියක ඊයේ අලුයම පුත්තලම සහ එළුවන්කුලම දුම්රිය ස්ථාන අතර කරඩිපුවල් ප්‍රදේශයේදී වන අලියකු ගැටීමෙන් මියගොස් තිබේ.

පුත්තලම – එළුවන්කුලම අංගන දුම්රිය මාර්ගය සිමෙන්ති කර්මාන්ත ශාලාවට හුණුගල් ප්‍රවාහනය කිරීමට පමණක් භාවිත කරන බව දුම්රිය නිලධාරීහු පවසති.

වනජීවී නිලධාරීන් පැවසුවේ, වන අලියාගේ වයස අවුරුදු 30 ක් පමණ වන අතර හොඳින් වැඩුණු පිරිමි සතකු බවයි.

මළසිරුර දුම්රිය මාර්ගයේ වැටී තිබිණි.

42.31%
17.27%
32.76%