January 10, 2025

තම ගමන් මල්ලේ කිඹුලකුගේ හිස්කබලක් රැගෙන ආ කැනේඩියානු ජාතිකයෙකු දිල්ලි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය බලධාරීහු පවසති.

32 හැවිරිදි මෙම පුද්ගලයා කැනඩාවට පිටත්ව යෑම සඳහා ගුවන් යානයට පිවිසීම සඳහා ගුවන් තොටුපළට පැමිණ සිටියදී ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් ප‍රීක්ෂා කර තිබේ.

“පරීක්‍ෂා කිරීමේදී, කිඹුලෙකුගේ හකුවලට සමාන තියුණු දත් සහිත හිස් කබලක්, දළ වශයෙන් එය ග්‍රෑම් 777 (රාත්තල් 1.71) ක් පමණ බරින් යුතුව ක්‍රීම් පාට රෙද්දකින් ඔතා තිබී සොයාගත්තා,” යනුවෙන් දිල්ලි රේගුව ප්‍රකාශයක් නිකුත් කරනු ලැබිණි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හිස්කබල වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව දිල්ලි රේගුව පවසයි.

කිඹුලකුගේ හිස් කබල සන්තකයේ තබාගැනීම ඉන්දියාවේ වනජීවී ආරක්ෂණ නීතිය සහ එහි රේගු පනත උල්ලංඝනය කිරීමක් බව නිලධාරීහු පවසති.

වන හා වනජීවී දෙපාර්තමේන්තුව විසින් එම හිස්කබල විශ්ලේෂණය කිරීමේදී අනාවරණ වී ඇත්තේ, එය ඉන්දියාවේ වනජීවී ආරක්ෂණ පනත යටතේ ආරක්ෂා කර ඇති කිඹුල් විශේෂයකට අයත් සතෙකුගේ බව‍යි.

“දත් රටාව, හොඳින් වර්ධනය වූ අස්ථි තල්ල සහ නාස්පුඩු මගින් එම හිස්කබල කිඹුලකුගේ හිස්කබලක් බව තහවුරු කරයි,” යනුවෙන් නිලධාරීහු පවසති.

ඉන්දීය වන ජීවී නිලධාරි වන නිලධාරියෙකු ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට පැවසුවේ මෙම පුද්ගලයා තායිලන්තයෙන් හිස් කබල මිලදී ගත් බව කියන බවයි.

වනජීවී භාණ්ඩ රැගෙන යෑමට අවශ්‍ය අනිවාර්ය අවසරය එම පුද්ගලයා සතුව නොතිබූ බව වන නිලධාරී රාජේෂ් ටැන්ඩන් සඳහන් කර ඇත.

තමා කිඹුලා දඩයම් කර හෝ මරා නොදැමූ බව ද එම පුද්ගලයා නිලධාරීන්ට පවසා ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.

සත්වයාගේ නිශ්චිත උප විශේෂය හඳුනාගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

42.31%
17.27%
32.76%