Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ළමුන් 100 කට අධික සංඛ්‍යාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති බවත්, ළාබාල ජනගහණය අතර මෙම තත්ත්වය ඉහළ යෑම බරපතල තත්ත්වයක් බවත් සෞඛ්‍ය අංශ පවසයි.
මෙම තත්ත්වය මත ළමුන් තුළ දියවැඩියා ව්‍යාප්තිය වැඩිවීමට බලපාන සාධක සමීපව පරීක්ෂා කිරීමට සෞඛ්‍ය විශේෂඥයන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.
රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ, උපත් අනුපාත පහත වැටීම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ශ්‍රම බලකායට බලපානු ඇති බවත්, එය සැළකිව යුතු ලෙස ජනගහණ ව්‍යුහයේ වෙනස්කම්වලට ද තුඩුදෙනු ඇති බවත්ය.
Autism Spectrum Disorder (ASD) සහ Attention-Deficit/ Hyperactivity Disorder (ADHD) යන රෝගවලින් පෙළෙන ළමුන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.
මේ අතර, පසුගිය දශකය තුළ වාර්ෂික උපත් සංඛ්‍යාව සැළකිව යුතු ලෙස අඩු වී ඇති අතර 2013 වසරේදී මෙරට උපත් සංඛ්‍යාව 350,000 ක් ලෙස වාර්තා විය.
නමුත් 2023 වන විට, මෙම සංඛ්‍යාව 250,000 දක්වා පහත වැටී ඇති අතර, 2024 දී තවදුරටත් පහත වැටීමක් අපේක්ෂා කෙරේ.
මේ වනවිට පෙන්නුම් කෙරෙන්නේ එම සංඛ්‍යාව උපත් 228,000 ක් පමණක් වන බවයි.
කෙසේවෙතත්, වාර්ෂික උපත් සංඛ්‍යාව 228,000 දක්වා අඩු වුවද, විවිධ සෞඛ්‍ය තත්වයන් හේතුවෙන් රෝහල්වලට ඇතුළත් වන ළමුන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
එවන් පසුබිමක් තුළ සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ, මව්පියන් තම දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය සමීපව නිරීක්ෂණය කළ යුතු බව සහ අවශ්‍ය විටෙක වෛද්‍ය විශේෂඥයන් හමුවිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart