January 10, 2025

විදේශගතව ඇතැයි ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද පැමිණ සිටියේය.

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේ තමන් අත්අඩංගුවට ගැනීමක් සමබන්ධයෙන් බියක් නොමැති බවයි.

සිය සහෝදරයා තම නම විකුණා වංචනික ක්‍රියාවල දී ඇති බව හෙතෙම එහිදී පිළිගත්තේය.

එලෙස තම නම භාවිත කරමින් වංචාවන්හි නිරතවූ තවත් පුද්ගලයන් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

තමා අවදානම් ගෙන විවිධ ගිවිසුම් අත්සන් කළ බවද මනූෂ නානායක්කාර පිළිගත්තේය.

ඒ සඳහා තමන් ඇමැති බලතල භාවිත කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%