January 10, 2025

ඕස්ට්‍රේලියාවට යන ගුවන් යානයකදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකිකයකුට, අධිකරණයේ ඔහුට එරෙහි නඩුව දිගටම පවතින බැවින් රටින් පිටවීම තහනම් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට යන ගමනේදී මගියකු ලිංගික අතවර කළ බවට ගුවන් සේවා කාර්ය මණ්ඩලයට පැමිණිලි කිරීමෙන් පසු, දෙසැම්බර් 18 වැනි දින මෙල්බර්න් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත 41 හැවිරිදි අසංක මැතිව් පොඩිඅප්පුහාමිලගේ නම් මෙම පුද්ගලයා බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කළ බව Sky News පුවත් සේවය වාර්තා කරයි.

අන්තර්ජාතික ගුවන් ගමනකින් පසු, අශෝභන ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති අතර, ඔහු මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ භාෂා පරිවර්තකයෙකු සමඟ පෙනිසිට තිබේ.

ගුවනේ සිටියදී සැකකරු ‘අශෝභන ක්‍රියාවක් කළ’ බවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය චෝදනා කරයි.

ඔහු වරදකරු වුවහොත් මෙම වරදට උපරිම වශයෙන් වසර හතක සිරදඬුවමක් නියම කෙරේ.

මෙම ශ්‍රී ලාංකිකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙසැම්බර් 19 වන දින පළමු අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට දැඩි කොන්දේසි මත ඇප ලබා දෙන ලදී.

ඔහු එදින තම විදේශ ගමන් බලපත්‍රය භාරදුන් අතර නඩුව විභාග වනතුරු ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ රැඳීසිටිනු ඇත.

42.31%
17.27%
32.76%